Sunday, February 21, 2010

කවුරුවත් මගෙ බ්ලොග් බලන්නෙ නැද්ද.



කමෙන්‍ටු එකක්වත් තම නෑ. මමනම් හිතුවෙ සින්ඩියට එන කස්ටිය මාරෙට බ්ලොග් කියවන අය කියල. ඒත් ඉතින් ඒක බොරු කියල හිතෙන්නෙ දනුයි. ලියල තියෙන දේවල් බොරුනම් හරි වැරදියි නම් බැනල හරි දාන එක නේද හොද?

Thursday, February 4, 2010

නියම නිදහස ....................

අද පෙබරවාරි 05 වෙනිදා, ඊයෙ තමා අපේ රටේ 62 වෙනි ජාතික නිදහස් දිනය. අපේ රට සුද්දන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 62 යි කිව්වම හරිම ආඩම්බරයි. මොකද යටත්විජිතයක් විදිහට හිටපු අපි විදපු දුක් ගැන අහන කියවන කොට අපිට ඒක දැනෙන්න ඕනෙ. නමුත්, මට හිතෙන විදිහටනම් ඒ නිදහස ගැන අපේ රටට කිසිම අගයක් නෑ වගේ. සාමන්‍යයෙන් අපි ඒ නිදහස හදුන්වන්නෙ 48 නිදහස කියල.

මටත් පොඩ්ඩක් හිතුන මේ නිදහස ගැන අපේ රටේ අලුත්ම මතය ගැන පොඩි පෝස්ට් එකක් දාන්න.

ඉස්සෙල්ලම කියන්න ඕනෙ මම පුරාවිද්‍යාව ගැනවත් ඉතිහාසය ගැනවත් පොරක් නම් නෙවේ. මම ලියන්නෙ මගෙ සමන්‍ය දැනීම අනුව මට හැගෙන දේ.

ඉතින් හැමදාම වගේ, හැම අවුරුද්දකම පෙබරවාරි මාසෙ පටන් ගන්න කොටම අපේ රටේ දේශප්‍රේමීන් යැයි කියාගන්නා සමහර කොටසක් සහ චක්‍රවර්තීන් පිරිසක් එකතුවෙනව නිදසහ ගැන කතා කරන්න. (මම මේ කතා කරන්නෙ සීමිත පිරිසක් ගැන විතරයි, නමුත් මේ අය රට තුල මතවාදයක් ගොඩනගන්න පුලුවන් අය). හරි, මම ඉස්කෝලෙ යන කාලෙ, ඒ කියන්නෙ උ. පෙල. කරන කාලෙ, (1999/ 2000) අපේ ඉස්කෝලෙට ආව ඔය මම කියන කාන්ඩෙට අයත් වෙන මහාචාර්යවරයෙක් (නම් ලියන්න අවශ්‍ය නෑ, දන්නෝ දනිති). අපේ රටේ ඒ කාලෙ තිබුන මතවාදයක් තමයි මේ අපේ ජාතික ගීයෙ තියෙන "ප්‍රේම වඩා සැම බේද දු‍රැරලා" කියන පදයෙ "ප්‍රේම" කියන වචනය වෙනුවට "මෛත්‍රි" කියන වචනය යොදන්න ඕනෙ කියන එක. පිටින් බැලුවම පොඩ්ඩක් හොද වගේ පෙනුනට මේ අදහස් යට තියෙන්නෙ ඒ වෙනකොට තිබුන ජාතිවාදී මුහුනුවරක් ගත්ත ත්‍රස්තවාදී ගින්නට පිදුරු දැමීමක් කියලයි මම ඒ දවස් වල හිතුවෙ. ඒක ඒ විදිහටම උනා කිව්වොත් මම නිවැරදියි. ඒ වාගෙම මම හිතන විදිහට තම ජාතිය ගන හැගීමක් තිබිය යුතුමයි, නමුත් මම යෝජනා කරන්නෙ ඒ හැගීම අන් ජතීන්ට කරදරයක් නොවෙන විදියට යොදා ගත යුතුයි ලියල (මේක හැම ජාතියකටම පොදුයි). ඉතින්, අපේ රටේ ඇති උන ත්‍රස්තවාදී ප්‍රශ්නයට උඩ ගෙඩි දෙන දේවල් මහ ජාතිය වන අපෙන් නොවුන කියල කාටවත් තර්ක කරන්න බෑ කියලයි මම හිතන්නෙ. මම ඉහතින් කියපු දේ වගේ දේවල් වලින් වෙන්නෙ අන් ජාතීන් සහ ආගම් අපි ගැන කලකිරෙන එක විතරමයි.

හරි, දැන් එමු වර්තමානයට. මේ දවස් වල යන අලුත්ම මතවාදය තමයි 48 නිදහස එච්චර සැමරිය යුතු එකක් නෙවේ, 2009 මැයි 19 තමයි නියම නිදහස ලබුනෙ කියන එක. පළමුවෙන්ම කියන්න ඕනෙ මම මේ හදන්නෙ 2009 මැයි 19 සිදුවුන දේ හෑල්ලුවට ලක් කරන්නවත් ඒක වැඩක් නෑ කියන්නවත් නෙවේ. අපි හිතන්න ඕනෙ 48 අපිට ලබුනෙ මොකක්ද, 2009 මැයි 19 අපි ලබාගත්තෙ මොකක්ද කියලයි. 48 ට කලින් අපි යටත්විජිතයක් විදිහට බොහොම පහත් තත්වයකට පත්වෙලා හිටියෙ. මොකද අපි අපේම රට අපේම මව්බිම තුළ සිරකරුවන් බවට පත්වෙලා හිටියෙ. ඉතින් යටත්විජිතයක් විදිහට ඉදලා නිදහස ලැබීමක් කියන්නෙ පන පිටින් නිවන් ගියා වගෙ කියලයි මට හිතෙන්නෙ. මම ඒ වෙනකොට ඉපදිලවත් නැති උනාට මට දැනෙනව. අපේ මුතුන් මිත්තො කොච්චර දුක් වින්දද කියල ඒ නිදහස ලබා ගන්න.

දැන් බලමු අපි 2009 මැයි 19 වෙනිද ලබාගත්තෙ මොකක්ද කියල. ඒ වෙනකොට තිබුනෙ අපේම රටේ මිනිස්සු විසින් තම තමන්ගෙ පුද්ගලික මතවාදයන් පොදු රාමුවක් තුලට ඔබ්බන්න කරපු උත්සාහයක බොහොම පොඩි ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නෙ. ඒ දේ 48 ඉදල 2009 වෙනකනුත් කෙරුන. නමුත්, මොකක් හෝ වාසනාවකට අපිටම මොලේ පෑදිලා ඒ තත්වෙ වෙනස් කරන්න ඕනේ කියල අපෙ රටේ පාලකයන්ට මතක් කරන්න අපිට පුලුවන් උනා. මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සු සාමූහිකව හිතල ගත්ත හොදම සහ එකම තීරණයෙ ප්‍රථිඵලය තමයි 2009 මැයි 19 අපිට ලැබුනෙ.

ඉතින් මෙ ලබගත්ත ජයග්‍රහනය ඉතා පරිස්සමෙන් අපි පාවිච්චි කළ යුතුයි. ඒ ජයග්‍රහනය 48 නිදහස වාගෙම වටින නමුත් අපි එ අවස්ථා දෙක සන්සන්දනය නොකල යුතුයි කියලයි මට හිතෙන්නෙ. මොකද මෙ ජයග්‍රහන දෙකම ලබාගන්න අපේම මිනිස්සු කීදාහක් ජීවිතේ දුන්නද, තමන්ගෙ අනාගතය පරිත්‍යාග කලාද. අපි මේ අවස්ථා දෙක සන්සන්දනය කරනව කියන්නෙ අපේම රටේ මිනිස්සු අපි හෑල්ලුවට ලක් කරනව කියන දේයි.

Monday, January 11, 2010

හුරේ

නියමයි, අද මාව සින්ඩියට ඇඩ් කරගත්තා කියලා මේල් එක අවිත් තිබුන. ඒකට ප්‍රථමයෙන්ම කට්ටියට ස්තුතියි.

Sunday, January 3, 2010

2009 සරසවි සම්මන උළෙල

2009 සරසවි සම්මාන උළෙල බලල ඉවර උනේ දැනුයි. ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.
පලමුවෙන්ම කියන්න ඕනෙ අපේ රටේ හැම දේකටම දේශපාලනය අත පොවල ඉවර බව මම ඒකෙන් දැක්ක. ඒ දේ ලියන්නෙ බොහොම කනගා‍ටුවෙන්....
ඒ දේ මේක කියවන කොට තේරෙයි.

වැඩියෙන්ම අවධානය යොමු වුනෙ 2008 සම්මාන ගැන.

මම ඉස්සෙල්ලම කියන්නම්කො තිබුන චිත්‍රපටි ගැන.

1. අබා - ජැක්සන් ඇන්තනී
2. මචන් - ප්‍රසන්න විතානගේ
3. වලාපටල - විජිත ගුණරත්න

දැනට රටේ පවතින තත්වෙ දිහා බලන කොට පාට කන්නාඩි නොදා බලන අයට තේරුම් ගන්න පුලුවන් මම කියන්න යන්නෙ මොකක්ද කියල. රූපාවහිනියෙ කැමරා කට්ටියට වැඩිපුර පෙනුනෙ අලුත් කොන්ඩ මෝස්තරයක් එහෙම දාලා හිටපු ජැක්සන් ඇන්තනී විතරමයි. මම ජැක්සන් ඇන්තනී විරෝධියෙක් නෙවේ. ඒත් "අබා" ට වඩා ලොකු විශයයක් එහෙම නැත්නම් මාතෘකාවක් "මචන්" කතා කලා. "අබා" කියන්නෙ මම හිතන විදිහට හොද ආර්ට් එකක් ඒත් ඒකෙන් සමාජීය දෙයක් කතා කරන්නෙ නැති බව තමා මට තේරෙන්නෙ.

හරි, දැන් "මචන්" ගැන පොඩ්ඩක් කතා කරමු. "මචන්" කියන්නෙ අපේ පවතින සමාජයට, පවතින ක්‍රමයට, ඒ ක්‍රමයෙ අයිතිකාරයින්ට දුන්න හොද කනේ පාරක් කියල තමයි මට හිතෙන්නෙ. කොහොම හරි ඉතින් "මචන්"ට ලැබිය යුතු දේ ලැබුන, ඒ හොදම චිත්‍රපටය විදිහට, හැබයි මෙතනදි විනිශ්චය මණ්ඩලය පොඩි කට්ටකමක් කරපු බවත් මට තේරුනා. ඒ තමයි, හොදම අධයක්ශනය විදිහට "වල පටල" එකට සම්මාන දීපු එක.

ඉතින්, සරසවි සම්මාන උලෙලෙදි මම දැක්ක දේ තමයි අපෙ රටේ කලාකරුවො බෙදිල තියෙන හැටි, ජැක්සන් ඇන්තනී මහත්තයට හොදම චිත්‍රපටය අධයක්ශනයට සම්මාන ලබියයුතුමයි කියන විදිහට තමයි අපේ රටේ ඉන්න හොදම කලාකාරය විදිහට හිතන් ඉන්න (මම මෙයාටනම් අම්බානක විරුද්ධයි සිරාවටම) සෝමරත්න දිසානයක මහත්තය බැලුවෙ. අඩුම ගානෙ එයා ප්‍රසන්න විතානගේ මහත්තයට සුභ පැතුවෙවත් නැ. ඉතින් මේක තමයි අපේ රටේ දේශපාලන කලාව කියල තමයි මට කියන්න තියෙන්නෙ.

ඒ වගේම, මචන් ‍ෆිල්ම් එකට ලබුන ප්‍රතිචාරයත් පොඩ්ඩක් මදි වගේ.

"අබා" ගැනත් පස්සෙ පෝස්ට් එකක් දන්න ඕනෙ.

Saturday, January 2, 2010

මහින්ද මහත්තයගේ අලුත් අවුරුදු සුභපෑතුම

ජනවාරි පලවෙනිදා උදේම මොබියිල් එකට ආව SMS එකකින් මාව කොර වෙලා ගියා. නම තිබුනෙ "President" කියල. ලියල තිබුනෙ,
"Kiwu paridi obata NIDAHAS NIVAHAL RATAK laba dunnemi. Idiri anagathaya sarwapprakarayenma Wasanawantha Wewa! SUBA NAWA WASARAK WEWA! - Mahinda Rajapaksa" කියල.

අන්තර් ජාලෙ බ්ලොග් කියවන කොට මේක ගෑන දාල තිබුන Post එකකට එක්කෙනෙක් කමෙන්ට් කරල තිබුන, "අනේ මහරජතුමනි චන්ද හිගාකනවඩ කියල". මට නම් මේ ගෑන හිතෙන්නෙ වෙන දෙයක්. ඒ කියන්නෙ මේ මනුස්සයට අපිව මතක් වෙලා තියෙන්නෙ 2010 ජනවාරි පලවෙනිද විතරයි. නෑත්නම් ඉතින් අපෙ උපන්දිනෙට එක ගානෙ SMS එවන්න එයාට පුලුවන්නෙ. අනිත් එක තමයි වෑරදිලාවත් ජනධිපතිවරණයක් තිබුනෙ නෑත්නම් මෙයට අපිව මතක් වෙන්නෙවත් නෑනෙ.

Friday, January 1, 2010

ජනාධිපතිවරනය 2010

මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින් අයෙමත් චන්දෙකට ගිහින්. ඒත් ඉතින් මටනම් හිතෙන්නේ, මේක රටට ඕනෙ නෑති මෑතිවරනයක් කියල. මොකද රට එතුමව පත් කලේ අවුරුදු හයකටනෙ, ඉතින් මට හිතෙන විදිහට මෙ වෙලවෙ ජනාධිපතිවරනයක් පවත්වල එයා ට්‍රයි කරන්නෙ එයගෙ වටේ ඉන්න ඈම්බෑට්ට ඈමතිල ටික ගොඩ දාන්න.

මොකද, මුලු රටම පිලිගන්න එක දෙයක් තියෙනව, ඒ තමයි, මහින්ද මහත්තයා කොච්චර පොරක් උනත් එයගෙ වටේ ඉන්න ඈමති මන්ඩලේ කරපු දෙයක් නෑ. මේ රටට ඕනෙ වෙලා තියෙන්නෙ හොරකම් නොකරන මිනිස්සු ටිකක් මිසක් වඩකට නෑති පුස් ඌරො ටිකක් නෙවේ.

අනිත් කාරනේ තමයි මේ දේශප්‍රේමී බෝඩ් ලෑල්ල, එක ඉතින් විමල් වීරවන්ශට ඔනෙ විදිහට තමයි ලෑබෙන්නෙ. එයාට ඕනෙ කෙනා දේශප්‍රේමී විදිහටත් ඕනෙ නෑති කෙනා දේශද්‍රෝහී විදිහටත් හන්වඩු ගහන එක තමයි එයාගෙ වෑඩේ. ඉතින් මේ රටේ ඉන්න පුලුවන් මහින්ද මත්තයට චන්දෙ නොදෙන ඒත් රටට ආදරේ මිනිස්සු. ඉතින් මට හිතේ හෑටියට ඒ මිනිස්සුන්ට ගහන පහරක් තමයි මේ වගෙ හන්වඩු ගෑහිල්ල.

මම මෙහෙම ලියනකොට කියවන කෙනාට හිතෙන්න පුලුවන් මම SFට උදව් කරනව කියල, නමුත් එයා ගෑන වෙනම ලියන්න ඕනෙ. අදට ඈති..................

Thursday, December 10, 2009

මම අලුත්

මම බ්ලොග් වලට ටිකක් අලුත්. එත් ඉතින්, බ්ලොග් ලියන්න තියෙන අසාවම නිසා වඩේ පටන් ගත්තා. පොඩි පොඩි වරදීම් වෙන්න පුලුවන්, ගනන් ගන්න එපා.

හුගක් වෙලවට මම බ්ලොග් එකෙන් මම දන්න සමහර දේවල් ගෑනත් රට තොටේ වෙන දේවලුත් කතා කරනවා.

මේවත් බලන්න

Related Posts with Thumbnails