නියමයි, අද මාව සින්ඩියට ඇඩ් කරගත්තා කියලා මේල් එක අවිත් තිබුන. ඒකට ප්‍රථමයෙන්ම කට්ටියට ස්තුතියි.
Monday, January 11, 2010
Sunday, January 3, 2010
2009 සරසවි සම්මන උළෙල
2009 සරසවි සම්මාන උළෙල බලල ඉවර උනේ දැනුයි. ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.
පලමුවෙන්ම කියන්න ඕනෙ අපේ රටේ හැම දේකටම දේශපාලනය අත පොවල ඉවර බව මම ඒකෙන් දැක්ක. ඒ දේ ලියන්නෙ බොහොම කනගාටුවෙන්....
ඒ දේ මේක කියවන කොට තේරෙයි.
වැඩියෙන්ම අවධානය යොමු වුනෙ 2008 සම්මාන ගැන.
මම ඉස්සෙල්ලම කියන්නම්කො තිබුන චිත්‍රපටි ගැන.
1. අබා - ජැක්සන් ඇන්තනී
2. මචන් - ප්‍රසන්න විතානගේ
3. වලාපටල - විජිත ගුණරත්න
දැනට රටේ පවතින තත්වෙ දිහා බලන කොට පාට කන්නාඩි නොදා බලන අයට තේරුම් ගන්න පුලුවන් මම කියන්න යන්නෙ මොකක්ද කියල. රූපාවහිනියෙ කැමරා කට්ටියට වැඩිපුර පෙනුනෙ අලුත් කොන්ඩ මෝස්තරයක් එහෙම දාලා හිටපු ජැක්සන් ඇන්තනී විතරමයි. මම ජැක්සන් ඇන්තනී විරෝධියෙක් නෙවේ. ඒත් "අබා" ට වඩා ලොකු විශයයක් එහෙම නැත්නම් මාතෘකාවක් "මචන්" කතා කලා. "අබා" කියන්නෙ මම හිතන විදිහට හොද ආර්ට් එකක් ඒත් ඒකෙන් සමාජීය දෙයක් කතා කරන්නෙ නැති බව තමා මට තේරෙන්නෙ.
හරි, දැන් "මචන්" ගැන පොඩ්ඩක් කතා කරමු. "මචන්" කියන්නෙ අපේ පවතින සමාජයට, පවතින ක්‍රමයට, ඒ ක්‍රමයෙ අයිතිකාරයින්ට දුන්න හොද කනේ පාරක් කියල තමයි මට හිතෙන්නෙ. කොහොම හරි ඉතින් "මචන්"ට ලැබිය යුතු දේ ලැබුන, ඒ හොදම චිත්‍රපටය විදිහට, හැබයි මෙතනදි විනිශ්චය මණ්ඩලය පොඩි කට්ටකමක් කරපු බවත් මට තේරුනා. ඒ තමයි, හොදම අධයක්ශනය විදිහට "වල පටල" එකට සම්මාන දීපු එක.
ඉතින්, සරසවි සම්මාන උලෙලෙදි මම දැක්ක දේ තමයි අපෙ රටේ කලාකරුවො බෙදිල තියෙන හැටි, ජැක්සන් ඇන්තනී මහත්තයට හොදම චිත්‍රපටය අධයක්ශනයට සම්මාන ලබියයුතුමයි කියන විදිහට තමයි අපේ රටේ ඉන්න හොදම කලාකාරය විදිහට හිතන් ඉන්න (මම මෙයාටනම් අම්බානක විරුද්ධයි සිරාවටම) සෝමරත්න දිසානයක මහත්තය බැලුවෙ. අඩුම ගානෙ එයා ප්‍රසන්න විතානගේ මහත්තයට සුභ පැතුවෙවත් නැ. ඉතින් මේක තමයි අපේ රටේ දේශපාලන කලාව කියල තමයි මට කියන්න තියෙන්නෙ.
ඒ වගේම, මචන් ෆිල්ම් එකට ලබුන ප්‍රතිචාරයත් පොඩ්ඩක් මදි වගේ.
"අබා" ගැනත් පස්සෙ පෝස්ට් එකක් දන්න ඕනෙ.
Saturday, January 2, 2010
මහින්ද මහත්තයගේ අලුත් අවුරුදු සුභපෑතුම
ජනවාරි පලවෙනිදා උදේම මොබියිල් එකට ආව SMS එකකින් මාව කොර වෙලා ගියා. නම තිබුනෙ "President" කියල. ලියල තිබුනෙ,
"Kiwu paridi obata NIDAHAS NIVAHAL RATAK laba dunnemi. Idiri anagathaya sarwapprakarayenma Wasanawantha Wewa! SUBA NAWA WASARAK WEWA! - Mahinda Rajapaksa" කියල.
අන්තර් ජාලෙ බ්ලොග් කියවන කොට මේක ගෑන දාල තිබුන Post එකකට එක්කෙනෙක් කමෙන්ට් කරල තිබුන, "අනේ මහරජතුමනි චන්ද හිගාකනවඩ කියල". මට නම් මේ ගෑන හිතෙන්නෙ වෙන දෙයක්. ඒ කියන්නෙ මේ මනුස්සයට අපිව මතක් වෙලා තියෙන්නෙ 2010 ජනවාරි පලවෙනිද විතරයි. නෑත්නම් ඉතින් අපෙ උපන්දිනෙට එක ගානෙ SMS එවන්න එයාට පුලුවන්නෙ. අනිත් එක තමයි වෑරදිලාවත් ජනධිපතිවරණයක් තිබුනෙ නෑත්නම් මෙයට අපිව මතක් වෙන්නෙවත් නෑනෙ.
Friday, January 1, 2010
ජනාධිපතිවරනය 2010
මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින් අයෙමත් චන්දෙකට ගිහින්. ඒත් ඉතින් මටනම් හිතෙන්නේ, මේක රටට ඕනෙ නෑති මෑතිවරනයක් කියල. මොකද රට එතුමව පත් කලේ අවුරුදු හයකටනෙ, ඉතින් මට හිතෙන විදිහට මෙ වෙලවෙ ජනාධිපතිවරනයක් පවත්වල එයා ට්‍රයි කරන්නෙ එයගෙ වටේ ඉන්න ඈම්බෑට්ට ඈමතිල ටික ගොඩ දාන්න.
මොකද, මුලු රටම පිලිගන්න එක දෙයක් තියෙනව, ඒ තමයි, මහින්ද මහත්තයා කොච්චර පොරක් උනත් එයගෙ වටේ ඉන්න ඈමති මන්ඩලේ කරපු දෙයක් නෑ. මේ රටට ඕනෙ වෙලා තියෙන්නෙ හොරකම් නොකරන මිනිස්සු ටිකක් මිසක් වඩකට නෑති පුස් ඌරො ටිකක් නෙවේ.
අනිත් කාරනේ තමයි මේ දේශප්‍රේමී බෝඩ් ලෑල්ල, එක ඉතින් විමල් වීරවන්ශට ඔනෙ විදිහට තමයි ලෑබෙන්නෙ. එයාට ඕනෙ කෙනා දේශප්‍රේමී විදිහටත් ඕනෙ නෑති කෙනා දේශද්‍රෝහී විදිහටත් හන්වඩු ගහන එක තමයි එයාගෙ වෑඩේ. ඉතින් මේ රටේ ඉන්න පුලුවන් මහින්ද මත්තයට චන්දෙ නොදෙන ඒත් රටට ආදරේ මිනිස්සු. ඉතින් මට හිතේ හෑටියට ඒ මිනිස්සුන්ට ගහන පහරක් තමයි මේ වගෙ හන්වඩු ගෑහිල්ල.
මම මෙහෙම ලියනකොට කියවන කෙනාට හිතෙන්න පුලුවන් මම SFට උදව් කරනව කියල, නමුත් එයා ගෑන වෙනම ලියන්න ඕනෙ. අදට ඈති..................

