2009 සරසවි සම්මාන උළෙල බලල ඉවර උනේ දැනුයි. ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.
පලමුවෙන්ම කියන්න ඕනෙ අපේ රටේ හැම දේකටම දේශපාලනය අත පොවල ඉවර බව මම ඒකෙන් දැක්ක. ඒ දේ ලියන්නෙ බොහොම කනගාටුවෙන්....
ඒ දේ මේක කියවන කොට තේරෙයි.
වැඩියෙන්ම අවධානය යොමු වුනෙ 2008 සම්මාන ගැන.
මම ඉස්සෙල්ලම කියන්නම්කො තිබුන චිත්‍රපටි ගැන.
1. අබා - ජැක්සන් ඇන්තනී
2. මචන් - ප්‍රසන්න විතානගේ
3. වලාපටල - විජිත ගුණරත්න
දැනට රටේ පවතින තත්වෙ දිහා බලන කොට පාට කන්නාඩි නොදා බලන අයට තේරුම් ගන්න පුලුවන් මම කියන්න යන්නෙ මොකක්ද කියල. රූපාවහිනියෙ කැමරා කට්ටියට වැඩිපුර පෙනුනෙ අලුත් කොන්ඩ මෝස්තරයක් එහෙම දාලා හිටපු ජැක්සන් ඇන්තනී විතරමයි. මම ජැක්සන් ඇන්තනී විරෝධියෙක් නෙවේ. ඒත් "අබා" ට වඩා ලොකු විශයයක් එහෙම නැත්නම් මාතෘකාවක් "මචන්" කතා කලා. "අබා" කියන්නෙ මම හිතන විදිහට හොද ආර්ට් එකක් ඒත් ඒකෙන් සමාජීය දෙයක් කතා කරන්නෙ නැති බව තමා මට තේරෙන්නෙ.
හරි, දැන් "මචන්" ගැන පොඩ්ඩක් කතා කරමු. "මචන්" කියන්නෙ අපේ පවතින සමාජයට, පවතින ක්‍රමයට, ඒ ක්‍රමයෙ අයිතිකාරයින්ට දුන්න හොද කනේ පාරක් කියල තමයි මට හිතෙන්නෙ. කොහොම හරි ඉතින් "මචන්"ට ලැබිය යුතු දේ ලැබුන, ඒ හොදම චිත්‍රපටය විදිහට, හැබයි මෙතනදි විනිශ්චය මණ්ඩලය පොඩි කට්ටකමක් කරපු බවත් මට තේරුනා. ඒ තමයි, හොදම අධයක්ශනය විදිහට "වල පටල" එකට සම්මාන දීපු එක.
ඉතින්, සරසවි සම්මාන උලෙලෙදි මම දැක්ක දේ තමයි අපෙ රටේ කලාකරුවො බෙදිල තියෙන හැටි, ජැක්සන් ඇන්තනී මහත්තයට හොදම චිත්‍රපටය අධයක්ශනයට සම්මාන ලබියයුතුමයි කියන විදිහට තමයි අපේ රටේ ඉන්න හොදම කලාකාරය විදිහට හිතන් ඉන්න (මම මෙයාටනම් අම්බානක විරුද්ධයි සිරාවටම) සෝමරත්න දිසානයක මහත්තය බැලුවෙ. අඩුම ගානෙ එයා ප්‍රසන්න විතානගේ මහත්තයට සුභ පැතුවෙවත් නැ. ඉතින් මේක තමයි අපේ රටේ දේශපාලන කලාව කියල තමයි මට කියන්න තියෙන්නෙ.
ඒ වගේම, මචන් ෆිල්ම් එකට ලබුන ප්‍රතිචාරයත් පොඩ්ඩක් මදි වගේ.
"අබා" ගැනත් පස්සෙ පෝස්ට් එකක් දන්න ඕනෙ.
Sunday, January 3, 2010
2009 සරසවි සම්මන උළෙල
ලිව්වේ ප්‍රභාත් විජයවික්‍රම වෙලාව 10:36 AM
Subscribe to:
Post Comments (Atom)


0 අදහස්:
Post a Comment