Thursday, February 4, 2010

නියම නිදහස ....................

අද පෙබරවාරි 05 වෙනිදා, ඊයෙ තමා අපේ රටේ 62 වෙනි ජාතික නිදහස් දිනය. අපේ රට සුද්දන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 62 යි කිව්වම හරිම ආඩම්බරයි. මොකද යටත්විජිතයක් විදිහට හිටපු අපි විදපු දුක් ගැන අහන කියවන කොට අපිට ඒක දැනෙන්න ඕනෙ. නමුත්, මට හිතෙන විදිහටනම් ඒ නිදහස ගැන අපේ රටට කිසිම අගයක් නෑ වගේ. සාමන්‍යයෙන් අපි ඒ නිදහස හදුන්වන්නෙ 48 නිදහස කියල.

මටත් පොඩ්ඩක් හිතුන මේ නිදහස ගැන අපේ රටේ අලුත්ම මතය ගැන පොඩි පෝස්ට් එකක් දාන්න.

ඉස්සෙල්ලම කියන්න ඕනෙ මම පුරාවිද්‍යාව ගැනවත් ඉතිහාසය ගැනවත් පොරක් නම් නෙවේ. මම ලියන්නෙ මගෙ සමන්‍ය දැනීම අනුව මට හැගෙන දේ.

ඉතින් හැමදාම වගේ, හැම අවුරුද්දකම පෙබරවාරි මාසෙ පටන් ගන්න කොටම අපේ රටේ දේශප්‍රේමීන් යැයි කියාගන්නා සමහර කොටසක් සහ චක්‍රවර්තීන් පිරිසක් එකතුවෙනව නිදසහ ගැන කතා කරන්න. (මම මේ කතා කරන්නෙ සීමිත පිරිසක් ගැන විතරයි, නමුත් මේ අය රට තුල මතවාදයක් ගොඩනගන්න පුලුවන් අය). හරි, මම ඉස්කෝලෙ යන කාලෙ, ඒ කියන්නෙ උ. පෙල. කරන කාලෙ, (1999/ 2000) අපේ ඉස්කෝලෙට ආව ඔය මම කියන කාන්ඩෙට අයත් වෙන මහාචාර්යවරයෙක් (නම් ලියන්න අවශ්‍ය නෑ, දන්නෝ දනිති). අපේ රටේ ඒ කාලෙ තිබුන මතවාදයක් තමයි මේ අපේ ජාතික ගීයෙ තියෙන "ප්‍රේම වඩා සැම බේද දු‍රැරලා" කියන පදයෙ "ප්‍රේම" කියන වචනය වෙනුවට "මෛත්‍රි" කියන වචනය යොදන්න ඕනෙ කියන එක. පිටින් බැලුවම පොඩ්ඩක් හොද වගේ පෙනුනට මේ අදහස් යට තියෙන්නෙ ඒ වෙනකොට තිබුන ජාතිවාදී මුහුනුවරක් ගත්ත ත්‍රස්තවාදී ගින්නට පිදුරු දැමීමක් කියලයි මම ඒ දවස් වල හිතුවෙ. ඒක ඒ විදිහටම උනා කිව්වොත් මම නිවැරදියි. ඒ වාගෙම මම හිතන විදිහට තම ජාතිය ගන හැගීමක් තිබිය යුතුමයි, නමුත් මම යෝජනා කරන්නෙ ඒ හැගීම අන් ජතීන්ට කරදරයක් නොවෙන විදියට යොදා ගත යුතුයි ලියල (මේක හැම ජාතියකටම පොදුයි). ඉතින්, අපේ රටේ ඇති උන ත්‍රස්තවාදී ප්‍රශ්නයට උඩ ගෙඩි දෙන දේවල් මහ ජාතිය වන අපෙන් නොවුන කියල කාටවත් තර්ක කරන්න බෑ කියලයි මම හිතන්නෙ. මම ඉහතින් කියපු දේ වගේ දේවල් වලින් වෙන්නෙ අන් ජාතීන් සහ ආගම් අපි ගැන කලකිරෙන එක විතරමයි.

හරි, දැන් එමු වර්තමානයට. මේ දවස් වල යන අලුත්ම මතවාදය තමයි 48 නිදහස එච්චර සැමරිය යුතු එකක් නෙවේ, 2009 මැයි 19 තමයි නියම නිදහස ලබුනෙ කියන එක. පළමුවෙන්ම කියන්න ඕනෙ මම මේ හදන්නෙ 2009 මැයි 19 සිදුවුන දේ හෑල්ලුවට ලක් කරන්නවත් ඒක වැඩක් නෑ කියන්නවත් නෙවේ. අපි හිතන්න ඕනෙ 48 අපිට ලබුනෙ මොකක්ද, 2009 මැයි 19 අපි ලබාගත්තෙ මොකක්ද කියලයි. 48 ට කලින් අපි යටත්විජිතයක් විදිහට බොහොම පහත් තත්වයකට පත්වෙලා හිටියෙ. මොකද අපි අපේම රට අපේම මව්බිම තුළ සිරකරුවන් බවට පත්වෙලා හිටියෙ. ඉතින් යටත්විජිතයක් විදිහට ඉදලා නිදහස ලැබීමක් කියන්නෙ පන පිටින් නිවන් ගියා වගෙ කියලයි මට හිතෙන්නෙ. මම ඒ වෙනකොට ඉපදිලවත් නැති උනාට මට දැනෙනව. අපේ මුතුන් මිත්තො කොච්චර දුක් වින්දද කියල ඒ නිදහස ලබා ගන්න.

දැන් බලමු අපි 2009 මැයි 19 වෙනිද ලබාගත්තෙ මොකක්ද කියල. ඒ වෙනකොට තිබුනෙ අපේම රටේ මිනිස්සු විසින් තම තමන්ගෙ පුද්ගලික මතවාදයන් පොදු රාමුවක් තුලට ඔබ්බන්න කරපු උත්සාහයක බොහොම පොඩි ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නෙ. ඒ දේ 48 ඉදල 2009 වෙනකනුත් කෙරුන. නමුත්, මොකක් හෝ වාසනාවකට අපිටම මොලේ පෑදිලා ඒ තත්වෙ වෙනස් කරන්න ඕනේ කියල අපෙ රටේ පාලකයන්ට මතක් කරන්න අපිට පුලුවන් උනා. මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සු සාමූහිකව හිතල ගත්ත හොදම සහ එකම තීරණයෙ ප්‍රථිඵලය තමයි 2009 මැයි 19 අපිට ලැබුනෙ.

ඉතින් මෙ ලබගත්ත ජයග්‍රහනය ඉතා පරිස්සමෙන් අපි පාවිච්චි කළ යුතුයි. ඒ ජයග්‍රහනය 48 නිදහස වාගෙම වටින නමුත් අපි එ අවස්ථා දෙක සන්සන්දනය නොකල යුතුයි කියලයි මට හිතෙන්නෙ. මොකද මෙ ජයග්‍රහන දෙකම ලබාගන්න අපේම මිනිස්සු කීදාහක් ජීවිතේ දුන්නද, තමන්ගෙ අනාගතය පරිත්‍යාග කලාද. අපි මේ අවස්ථා දෙක සන්සන්දනය කරනව කියන්නෙ අපේම රටේ මිනිස්සු අපි හෑල්ලුවට ලක් කරනව කියන දේයි.

0 අදහස්:

මේවත් බලන්න

Related Posts with Thumbnails